රජයේ මුද්‍රණාලය මැතිවරණයට සූදානම් වෙයි

June 28, 2024 - 5:54 PM
මැතිවරණයක් කැඳවීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව තම දෙපාර්තමේන්තුවට දන්වා ඇති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පවසනවා.

එළඹෙන සැප්තැම්බර් 17 සහ ඔක්තෝම්බර් 16 අතර කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව පසුගියදා මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළා.

ඒ අනුව එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක නිවේදනය කළේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම පිලිබඳ පනතේ දැක්වෙන විධි විධානවලට අනුව ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම, නියමිත කාලසීමාව තුළ සිදු කරන බවයි.

ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දින නියම කළහොත් ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් සඳහන් කළා.

(xanin.lk)