IMF සහය අවශ්‍ය බව අපි මුලින්ම කිව්වා - හර්ෂ

June 28, 2024 - 5:45 PM
ආර්ථික අර්බුදය විසඳීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අවශ්‍ය බව සමගි ජන බලවේගය ආරම්භයේ සිටම අවධාරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා.

ජනාධිපතිවරයා ජාතිය අමතා කළ කතාවේදී රටේ මිලියන 7ක් පමණ වන දුප්පත් ජනතාව ගැන කතා නොකළ බවත් ඔවුන්ගේ දුක්ඛිත තත්ත්වය ජනාධිපතිවරයා නොදැන සිටි බවත් ඔහු කියා සිටියා.

ඊයේ (27) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

(xanin.lk)