වැටුප් නොගෙවන වතු සමාගම්වලට වැඩ වරදීයි

May 24, 2024 - 8:15 AM
කිසියම් වතු සමාගමක් අයහපත් කළමනාකරණය හේතුවෙන් සේවක වැටුප් නොගෙවන්නේ නම් එවැනි වතු සමාගම් සමඟ එළඹ ඇති බදු ගිවිසුම් අවලංගු කළ හැකි නව නීති හඳුන්වා දීමට පියවර ගන්න බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඊයේ (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළ බවත් ඇස්තමේන්තුගත වැටුප ගෙවීම සම්බන්ධයෙන් එක් එක් වතු සමාගම් සතු හැකියාව පරීකෂා කිරීමට කමිටුවක් පත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

කෙසේ වෙතත් වැවිලිකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් ඔබේසේකර පවසන්නේ තේ සහ රබර් කර්මාන්තයේ නියැලෙන සේවකයින්ට දිනකට රුපියල් 1,700ක වැටුපක් ගෙවීම වතු සමාගම්වලට කිසිසේත් දරා ගත නොහැකි බවයි.

(xanin.lk)