පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා ගැන සහතිකයක්

April 14, 2024 - 9:22 AM
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තනි අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට කිසිසේත් ඉදිරිපත් නොකරන බව එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී දැනට ස්වාධීනව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

එය තහවුරු කිරීමට ඕනෑ තරම් කරණු ඇති බවත් එලෙස අපේක්ෂකයෙක් ඉදිරිපත් කර ජනග්‍රහණය කළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබා දී ඔහුව ජනාධිපති ලෙස පත් කර ගෙන එයින් පොදු ජන පෙරමුණ ආරක්ෂා කර ගැනීමට ඔවුන් උත්සහ දරණ බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(xanin.lk)