මැතිවරණ කොමිසමේදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මූලික කරුණු සාකච්ඡාවක්

July 09, 2024 - 9:43 AM
පොලිස්පතිවරයා, රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද (09) මැතිවරණ කොමිසම වෙත කැඳවා තිබෙනවා.  

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සදහන් කළේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මූලික කරුණු සාකච්ඡා කිරීම සඳහා මෙම කැදවීම සිදු කර ඇති බවයි.

(xanin.lk)