ශ්‍රීලනිප අර්බුද පිළිබඳව සාකච්ඡාව අද
April 18, 2024 - 9:42 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී ඇති අර්බුදකාරී තත්වය පිළිබඳව අද (18) සාකච්ඡා කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කළේ පක්ෂයේ දෙපිරිසක් විසින් මේ වන විට තමා වෙත ඉදිරිපත් කර ඇති සියලුම ලිපි ලේඛන කොමිසම හමුවට ඉදිරිපත් කර ඒවා අධ්‍යනය කර තීරණයක් ගන්නා බවයි.
පසුගිය 8 වැනිදා ශ්‍රීලනිප දේශපාලන මණ්ඩලයේදී සිදු කළ නව පත්කිරීම් හා ඊට අදාළ කරුණු දක්වමින් එම පක්ෂයේ පිරිසක් මැතිවරණ කොමිසමට කරුණු වාර්තා කළා.
එම පත්කිරීමවලට එරෙහිව පක්ෂයේ වැඩ බලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මැතිවරණ කොමිසමට සිය විරෝධතා ඉදිරපත් කළ අතර පක්ෂ ව්‍යවස්ථාවට අනුව සියලු කටයුතු සිදු විය යුතු බවට ඔහු මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
(xanin.lk)