ජනපතිට හෙට ඩිජිටල් විරෝධයක්
May 13, 2024 - 10:58 AM
දීමනා ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා ග්රාම නිලධාරීන් සියලු දෙනා හෙට (14) පෙරවරුවේ පැයක් තුළ ජනාධිපති ලේකම් කාර්යාලයට ඊමේල්, ටෙලිමේල් සහ වට්ස්ඇප් පණිවුඩ 14,000ක් යැවීමට සූදානමින් සිටින බව ශ්රී ලංකා ග්රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පවසනවා.
ඒ අනුව ග්රාම නිලධාරීන් හෙට පෙ.ව. 8.30 සිට 9.30 දක්වා එකවර ජනාධිපති කාර්යාලයට පණිවුඩ ලබා දීමට නියමිත අතර එවැනි ක්රියාමාර්ගයක් අනුගමනය කරන පළමු අවස්ථාවද මෙයයි.
අදාළ වැඩවර්ජනය හෙට සිට දින 3ක් පුරාවට ක්රියාත්මකයි.
(xanin.lk)