මනූෂ සහ හරීන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට ගත් තීරණය නීත්‍යානූකුලයි

August 09, 2024 - 10:51 AM
අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ සහ මනුෂ නානායක්කාරගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීත්‍යානූකුල බව ශ්‍රේෂ්ඨාධිකරණ අද (09) දැනුම් දුන්නා.

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය නීතියට පටහැනි බව සහ එම තීරණය බල රහිත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් අමාත්‍ය මනුෂ නානායකාර සහ හරින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ පෙත්සමේ අවසන් තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ මෙම තීන්දුව ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

(xanin.lk)