ජනාධිපතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා ලබා දීමට තිබූ කාලය හෙටින් අවසන්

October 12, 2024 - 9:18 PM
2024 ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට මැතිවරණ ප්‍රචාරක අදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලසීමාව හෙටින් (13) අවසන් වන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ අපේක්ෂකයන් 13 දෙනෙක් පමණක් මේ වනතෙක් අදාළ වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.

ප්‍රේමසිරි මානගේ, මහින්ද දේවගේ, කේ. ජී. කුලරත්න, විජයදාස රාජපක්ෂ, සිරිතුංග ජයසූරිය, මුහම්මද් ඉන්ෆාස්, ප්‍රියන්ත වික්‍රමසිංහ, ඇන්ටනී වික්ටර් පෙරේරා, සරත් බණ්ඩාරනායක, ජනක රත්නායක, කේ. කේ. පියදාස, සරත් ෆොන්සේකා හා පානි විජේසිරිවර්ධන යන අය මෙලෙස අදායම් ප්‍රකාශ ලබා දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේ හෙට පස්වරු 3.00ට පෙර සෙසු අපේක්ෂකයන් සිය වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා.


(xanin.lk)