හිරුණිකාගේ අපහස නඩුව ජූනි 14 වැනිදා කැඳවයි

May 08, 2024 - 5:27 PM
අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (08) නියම කළා.

එමෙන්ම ඊට අදාළ විරෝධතා තිබේ නම් ඒවා සති දෙකක් තුළ ගොනු කරන ලෙසත් අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නීතිඥවරුන්ට නියම කර තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල් මහතාගේ පුත්‍රයා වබ හාඩි ජමල්ඩීන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙනවා.

ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක චූදිතයෙකුට ඇප ලබා දීමේ සිද්ධියට අදාළව මාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දෙමින් අධිකරණ ක්‍රියාවලිය පිළිබඳව මහජනතාවගේ විශ්වාසය බිඳ දමා අපහස කිරීම හේතුවෙන් එම පැමිණිල්ල ගොනු කර තිබෙනවා.

(xanin.lk)