ෆොන්සේකාගෙන් රටට තවත් සේවයක් අවශ්‍යයි - ජනපති

June 29, 2024 - 10:43 AM
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගෙන් ඉදිරියේදී රටට තවත් සේවයක් ලබාගැනීමට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත 'යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව' ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.  

එම ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාව ඊයේ (28) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා. 

(xanin.lk)