රාජ්‍ය නායකයා පත් කිරීම විදෙස් රටවලට අනුව සිදු නොවිය යුතුයි - රොෂාන්

May 09, 2024 - 4:21 PM
මෙරට රාජ්‍ය නායකයා පත් කිරීම ලෝකයේ වෙනත් රටවලට අවශ්‍ය පරිදි සිදු නොවිය යුතු බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (08) කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩසටහනකට එක් වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙරට රාජ්‍ය නායකයා පත් කිරීම තීරණය කළ යුත්තේ අසල්වැසි රටක් හෝ මැතිවරණයකදී උදව් කරන රටක් නොවන බවත් මෙරට පාලකයා පත් කිරීමේ ස්ව අයිතිය ශ්‍රී ලාංකික ජනතාවට තිබෙන බවයි.

(xanin.lk)