ගම්පහ සජබ ලොක්කෙක්ට විරුද්ධව පැමිණිල්ලක්

May 25, 2024 - 4:52 PM
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් ආසන සංවිධායකවරුන් 10 දෙනෙක් ඊයේ (24) එම දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් සංවිධායකවරයෙකුට විරුද්ධව සංදේශයක් අත්සන් කර තිබෙනවා.

ඒ, සමගි ජන බලවේගයේ එක්තරා පුද්ගලයෙකු දිස්ත්‍රික් සංවිධායක ලෙස පවසමින් ගම්පහ දිස්ත්‍රික්කයේ සෙසු සංවිධායකවරුන්ගේ කටයුතුවලට බලපෑම් කරමින් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පවසමින් ඊට විරෝධය පළ කරමින්.

එම සංදේශය කඩිනමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහ්ටහ භාර දෙන බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසන්නේ.

(xanin.lk)