ඉදිරි ජනාධිපතිවරණයට ද්‍රවිඩ දේශපාලන පක්ෂවලින් පොදු අපේක්ෂකයෙක්

July 22, 2024 - 3:01 PM
එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂයෙක් ඉදිරිපත් කිරීමට ද්‍රවිඩ දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට අද (22) යාපනයේදී අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාමයෝජනා භාරදීමේ දිනයන් ප්‍රකාශයට පත් කළ පසු පොදු අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

(xanin.lk)