විජයදාසට පැනවූ වාරණය යළිත් දිගු වෙයි

June 14, 2024 - 1:10 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට පනවා තිබූ වාරණය දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චමරි වීරසූරිය මහත්මිය අද (14) නියෝග කළා.

ඒ අනුව එම වාරණ නියෝගය ජුනි 28 දක්වා දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම වාරණ නියෝගයට එරෙහි විත්තියේ විරෝධතා සහ උත්තර ජූලි මස 18 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරිය දන්වා සිටියා.

(xanin.lk)