රජය ජනතාවට ප්‍රතිපාදන දෙන විට බැනරයක් ප්‍රදර්ශනය කළ යුතුයි - මහින්ද

May 07, 2024 - 12:19 PM
මේ දිනවල ආණ්ඩුව විසින් ජනතාවට විවිධ ප්‍රතිපාදන ලබා දෙන විට බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු බවත් එහි ' මේ ජනතාවගේ බදු මුදලින් රජයේ මුදලින් කෙරෙන පරිත්‍යාගයක් ' ලෙස සඳහන් විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.

ඊයේ (06) අම්බලන්ගොඩදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ මැතිවරණ කොමිසම විසින් මැතිවරණයක් ප්‍රකාශ කර තිබියදී එලෙස ප්‍රතිපාදන ලබා දීම මැතිවරණ පනතට අනුකූල නොවන බවත් සංවර්ධන කටයුතු ජූලි මාසය වන විට අවසන් කළ යුතු බව රජය ප්‍රකාශ කර ඇති බවයි.

ඒ අනුව සහල් බෙදා දෙන අවස්ථාවල මෙන්ම අනෙකුත් අවස්ථාවලදීද එලෙස බැනරයක් ප්‍රදර්ශනය කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

(xanin.lk)