පක්ෂයෙන් නෙරපීමට එරෙහි වාරණය දීර්ඝ කෙරෙයි

April 08, 2024 - 11:50 AM
මහින්ද  අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් නෙරපීම වළක්වමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය ලබන 24 දක්වා දීර්ඝ කර තිබෙනවා.

ඔවුන් විසින් ගොනු කර ඇති පැමිණිලි අද (08) කැඳවනු ලැබූ අවස්ථාවේදී කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා එම නියෝගය නිකුත් කළා.

සාධාරණ විනය පරීක්ෂණයකින් තොරව තමන්ව පක්ෂයේ තනතුරුවලින් නෙරපීම පටහැනි බවත් එම තීරණය බල ශූන්‍ය බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් එම පැමිණිල්ල ගොනු කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සහ වැඩ බලන මහ ලේකම් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

(xanin.lk)