විජයදාසට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරෙයි
May 27, 2024 - 2:53 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා යළි දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (27) නියෝග කළා.
ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
එහිදී නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබා දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර පසුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබා දුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කළා.
(xanin.lk)