ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට සංශෝධන බාධාවක් නැහැ - සමන්

July 20, 2024 - 9:46 AM
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා කිසිඳු බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු සඳහන් කළේ රටේ පවතින නීතිය අනුව කටයුතු කිරීම හේතුවෙන් ව්‍යවස්ථා සංශෝධනයේ බලපෑමක් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට ඇති නොවන බවයි.

ඒ අනුව එළඹෙන සතිය තුළ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව ඔහු කියා සිටියා.

(xanin.lk)