රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න පොලීසියට කැඳවයි

May 17, 2024 - 4:35 PM
කටුනායක ගුවන් තොටුපොලේදී පෝටර්වරයෙකුට පහරදී කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ගුවන්තොටුපොළ පොලීසියට අද (17) උදෑසන කැඳවා තිබෙනවා.

එහිදී පැයකට ආසන්න කාලයක් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් අතින් නොවිය යුතු දෙයක් සිදු වූ බවයි.

(xanin.lk)