ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීමට ගිවිසුමක්

June 20, 2024 - 12:23 PM
ශ්‍රී ලංකාව හා සෞදී අරාබි රාජ්‍යයේ ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා රජය සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශවය එකඟතාවකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබියේ රියාද්හි පැවති ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීම අතරතුරදී අදාල අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තබන ලද බවට වාර්තා වනවා.

ආයෝජන ප්‍රර්වර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇති අතර දෙරටෙහි අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

(xanin.lk)