Star Linkහි ඉදිරි කටයුතු විදුලි සංදේශ නියාමන කොමිසමට පැවරෙයි

May 27, 2024 - 9:15 AM
ගෝලීය Star Link ජාලයට ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම පිළිබඳ Elon Musk සමඟ සාකච්ඡා කළ බවත් එම කටයුතු සොයා බැලීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැවරූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

යාපනය දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එම ජාලය හරහා කොළඹින් පිට Wi-Fi ගැටලුව විසඳෙන බවයි.

එමෙන්ම මෙරට සුර්ය බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්ති විශේෂයන් පිළිබඳවද Elon Musk සමඟ සාකච්ඡා කළ බවත් රටට වැදගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුට මෙරටට් පැමිණෙන ලෙස ආරාධනා කළ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.   

(xanin.lk)