විජයදාසගේ පෙත්සම යළිත් කල් යයි
May 22, 2024 - 11:49 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ හා වැඩබලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත පත් වීම නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ පසුගියදා පැමිණිල්ලක් ගොනු කළා.
එම පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම අද (22) තුන්වැනි දිනටත් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණා.
එහිදී වගඋත්තරකාර දුමින්ද දිසානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළ අතර ඉන් පසුව වැඩිදුර කරුණු දැක්වීම සඳහා ලබන 31 වනදා තෙක් පෙත්සම කල් තැබුණා.
(xanin.lk)