විජයදාසට පොහොට්ටු සාමාජිකත්වය අහිමි වීමේ අවදානමක්

April 23, 2024 - 11:49 AM
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්ව සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති ධූරයට පත් වීම පිළිබඳව තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ විජයදාස රාජපක්ෂ මහතාට පක්ෂ සාමාජිකත්වය අහිමි වීමේ අවදානමක් පවතින බවත් පක්ෂ සාමාජිකත්වය අහිමි වුවහොත් මන්ත්‍රී ධූරයටද ගැටලුවක් ඇති විය හැකි බවයි.  

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් මේ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි ඔහු සඳහන් කළේ.

(xanin.lk)