විජයදාස සර්ව ආගමික නායකයින් හමුවෙයි
April 22, 2024 - 5:35 PM
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද (22) අධිකරණ අමාත්‍යාංශයේදී මානව හිමිකම් ලංකා සංවිධානයේ සර්ව ආගමික නායකයන් හමු වුණා.
එහිදී අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දිවයින පුරා පිහිටි සියලුම ග්‍රාමසේවා වසම් ආවරණය වන පරිදි සංහිඳියා කමිටු පිහිටුවා ඒ හරහා ජාතීන් අතර සහ ආගම් අතර සමගිය ඇති කිරීමට මේ වන විටත් කටයුතු කර අවසන් බවයි.
මානව හිමිකම් ලංකා සංවිධානය වැනි සංවිධානවලට ශ්‍රී ලංකාවේ සංහිඳියා වැඩසටහන්වලට සෘජුව සහය දීමට හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
එම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හසීම් මහතා සඳහන් කර ඇත්තේ අධිකරණ අමාත්‍යවරයා දිවයින පුරා සිදු කරන සංහිඳියා ක්‍රියාවලිය සම්බන්ධයෙන් සංවිධානයක් ලෙස ඉතාමත් සතුටට පත්වන බවයි.
(xanin.lk)