පාලිතගේ ප්‍රකාශය ජනපතිගේ උපදෙසක් බවට විජිතගෙන් චෝදනා

May 31, 2024 - 12:07 PM

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සිදුකළ ප්‍රකාශය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම හා උපදෙස් මත සිදු කර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ධූරයේ කටයුතු කළ හැක්කේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉතුරු වූ ධූරකාලය සඳහා පමණක් බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කළ නොහැකි බවට ඔවුන් තේරුම්ගෙන ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

(xanin.lk)