ජනපතිගේ ධූර කාලය අවසන් වූ පසු පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ - විජයදාස

June 20, 2024 - 1:24 PM
ධූර කාලය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කිසිඳු අවස්ථාවක ප්‍රකාශ කර නොමැති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

ජනතාව බලය ලබාදී ඇත්තේ වසර 5ක කාලසීමාවක් සඳහා පමණක් බවයි ඔහු අවධාරණය කළේ.

ලබන වසරේ අගෝස්තු මාසයෙන් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවේ වසර 5ක ධූරකාලය අවසන් වන අතර පසුව ඔහු එක් දිනක් හෝ එම බලය යටතේ පාර්ලිමේන්තුවේ නොසිටින බව අමාත්‍යවරයා කියා සිටියා.

(xanin.lk)