වෘත්තීය සමිතිවලට අවශ්‍ය විදිහට රට පාලනය කරන්න බැහැ - අලි සබ්‍රි

June 07, 2024 - 1:55 PM
වෘත්තීය සමිතිවල බලපෑම්වලට යටවී රට පාලනය කළ නොහැකි බව විදේශ කටයුතු ඇමැති අලි සබ්‍රි පවසනවා.

වෘත්තීය සමිතිවල බලපෑම්වලට යටත් වී කටයුතු කළයුතු නම් කැබිනට් මණ්ඩලයක් හෝ පාර්ලිමේන්තුවක් අවශ්‍ය නොවන බව ඔහු අවධාරණය කළා.

විදුලිබල පනත් කෙටුම්පත සම්න්ධයෙන් ඊයේ (06) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

(xanin.lk)