NPP - කාදිනල් හමුවට එජාපයෙන් විරෝධය

April 19, 2024 - 4:52 PM
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් සහ කාදිනල් හිමියන් අතර ඊයේ (18) පැවති හමුව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද කොළඹ (19) පැවති මාධ්‍ය හමුවකදී සිය විරෝධය පළ කළා.

එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසුවේ පාස්කු ප්‍රහරයට සම්බන්ධ පුද්ගලයින් ජාතික ජන බලවේගයේ මැතිවරණ ජාතික ලයිස්තුවේ සිටි බවත් එවැනි පක්ෂයක් සමඟ කටයුතු කිරීමට ප්‍රථම ඒ පිළිබඳව කාදිනල් හිමියන් විමසිය යුතු බවත්ය.

(xanin.lk)