එජාපයත් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කරයි

July 17, 2024 - 3:10 PM
ඉතා ඉක්මණින් ජනාධිපතිවරණය පවත්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ අද (17) පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මාධ්‍ය වෙත මේ බව දැනුම් දුන්නා.

ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට තරග කරන බවයි.

එමෙන්ම මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂය සිය ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවද ඔහු කියා සිටියා.
 
(xanin.lk)