ජේ. ආර්. ගෙන් පසුව රට සංවර්ධනය කරන මොළය ඇත්තේ රනිල්ට - ජගත්

April 29, 2024 - 11:33 AM
හිටපු ජනාධිපති දිවංගත ජේ. ආර්. ජයවර්ධන මහතාගෙන් පසුව රට සංවර්ධනය කිරීමට හොඳ මොළයක් ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම පවසනවා.

පසුගියදා (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් සාකච්ඡා කර එම පක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන්නේ නම් තමන් ඔහුට සහය ලබා දෙන බවයි.     

(xanin.lk)