තැපැල් ඡන්ද විමසීමේ 3වන දිනය අදයි

September 06, 2024 - 8:25 AM
එළඹෙන ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම පසුගිය 04 වනදා ආරම්භ කෙරුණා.

ඊට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ 3වන දිනය අද (06) පැවැත්වෙනවා.  

ත්‍රිවිධ හමුදා සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල සිටින කාර්ය මණ්ඩලය සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අදත් හැකියාව පවතිනවා.

එමෙන්ම තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට හැකියාව තිබෙනවා.

මෙවර තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා රාජ්‍ය සේවකයන් 712,319ක් සුදුසුකම් ලබා තිබෙනවා.

එමෙන්ම දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 1500කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කර තිබෙන බවයි වාර්තා වන්නේ.   

(xanin.lk)