මේක අරුම පුදුම ආණ්ඩුවක් - ජනපති

May 05, 2024 - 9:34 PM
අද තිබෙන්නේ අරුම පුදුම ආණ්ඩුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

ඇතමුන් විසින් ප්‍රතික්ෂේප කළ ආණ්ඩුවක් තමා ඇතුළු කණ්ඩායම විසින් භාරගෙන තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා.

ආණ්ඩුව කිසි විටෙක බෙදෙන්නට අවශ්‍ය නැති බවත්, සියළු දෙනා එකතු වී ඉදිරි වසර දෙක, තුන තුළ හොඳ ආර්ථිකයක් ගොඩනගා තරුණ පරපුරට හොඳ අනාගතයක් නිර්මාණය කර දිය යුතු බවත් ඔහු කියා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ, ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.
(xanin.lk)