විජයදාසගේ ප්‍රකාශයට තිලංග සුමතිපාලගෙන් පිළිතුරු

April 17, 2024 - 11:13 AM
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමාට ආරාධනා ලැබුණු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය 15 වැනිදා ප්‍රකාශ කළා.

ඒ පිළිබඳව ඊයේ (16) මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් තිලංග සුමතිපාල සඳහන් කළේ එවැනි අදහසක් තවමත් නොමැති අතර ඒ පිළිබඳව කතා කර නොමැති බවයි.

ඔහු ඒ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ලට යාබද ගොඩනැගිල්ලේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී.

(xanin.lk)