දෙමළ පොදු අපේක්ෂකයෙක් එපා - තමිල් අරසු කච්චි
May 21, 2024 - 5:14 PM
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ පාර්ශවයෙන් පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු යැයි ඇතැම් දෙමළ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍යම කාරක සභාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
තමිල් අරසු කච්චි පක්ෂයේ මාධ්‍යම කාරක සභාව පසුගිය 19 වැනිදා වවුනියාවේදී රැස්වූ අවස්ථාවේදී ඔවුන් එම පොදු අපේක්ෂක යෝජනාව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කෙසේ වෙතත් එම පක්ෂයේ නායක එස්. ශ්‍රීධරන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී පී. අරියනේත්‍රන් යන අය ප්‍රකාශ කර තිබුණේ ප්‍රතිපත්තිමය වශයෙන් තමන් දෙමළ පොදු අපේක්ෂකයා සම්බන්ධ යෝජනාවට සහය ලබා දෙන බවයි.
මාධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රීධරන් මහතා පැවසුවේ පොදු අපේක්ෂකයා සම්බන්ධ යෝජනාවට පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ එකඟතාවය නොලැබුණු නමුත් එය පක්ෂයේ අවසන් තීරණය නොවන බවයි.
(xanin.lk)