උත්තර ලංකා සභාගයේ ජනපති අපේක්ෂකයා වෙසක් පෝයට පෙර නම් කරයි

April 30, 2024 - 11:37 AM
උත්තර ලංකා සභාගයේ ජනාධිපති අපේක්ෂකයා එළඹෙන වෙසක් පොහොය දිනට පෙර නම් කිරීමට එම පක්ෂයේ නායකයන් තීරණය කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසන්නේ තවත් දේශපාලන බලවේග රාශියක් එක්ව එළඹෙන ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය පුළුල්තම සන්ධානය ගොඩනගන බවයි.  

දයාසිරි ජයසේකර, රොෂාන් රණසිංහ, ඩලස් අලහප්පෙරුම යන අයද එම සන්ධානය සමඟ එක් වන බවත් එළඹෙන මැයි දින රැළියද එම පිරිසගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.  

(xanin.lk)