IMF කොන්දේසි නීතිගත කිරීමට පියවර

May 23, 2024 - 7:54 AM
ශීඝ්‍ර සංවර්ධනය සහ දුප්පත්කම අඩු කිරීම සඳහා IMF සංවිධානය සමඟ එකඟ වී ඇති කොන්දේසි සියල්ලම ආර්ථික පරිවර්තන පනත හරහා නීතිගත කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) බත්තරමුල්ල අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යංශ මාවතේ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මූලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳව අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජූනි මාසයේදී මෙරටට පැමිණෙන IMF නියෝජිතයින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ යෝජනා 2025 අය-වැය තුළින් ක්‍රියාත්මක කරන බවයි.

(xanin.lk)