වංචාවෙන් ඉපැයූ දේපළ රාජ සන්තක කිරීමට පියවර
May 16, 2024 - 4:53 PM
වංචා සහගත ලෙස ඉපැයූ දේපළ ඉදිරියේදී රාජ සන්තක කිරීමට පියවර ගන්නා බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
අධිකරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර නව නීතිඥ කාර්යාල සංකීර්ණය සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට සහභාගී වෙමින්.
ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කරමින් දූෂණ විරෝධී පනත සම්මත කරමින් කළ කාර්යභාරයේ සුභවාදී ප්‍රතිඵල ඉදිරියේදී දැක හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එහිදී ඔහු අවධාරණය කළේ නීතියේ ආධිපත්‍ය ගොඩනැගෙන්නට නම් පාලිතයින් මෙන්ම පාලකයින්ද නීතියට අනුව කටයුතු කළ යුතු බවත් රටේ ආර්ථිකය බිඳ වැටී අස්ථාවර රටක් නිර්මාණය වුණේ නීතියේ ආධිපත්‍ය බිඳවැටීම නිසා බවයි.
(xanin.lk)