නිදහස් පක්ෂ ඉදිරි තීරණ ගැන උප සභාපති කියයි

April 05, 2024 - 11:04 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන තීන්දු තීරණ ගැනීම පක්ෂයේ කාරක සභා මගින් පමණක් සිදු කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් කළ පැමිණිල්ලකට අනුව කොළඹ දිසා විනිසුරුවරයා විසින් ඊයේ (04) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම වළක්වමින් වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ අනුව පක්ෂයේ ඉදිරි දේශපාලනික තීරණ පක්ෂ මධ්‍යම කාරක සභාව ඇතුළු පක්ෂයේ සෙසු කාරක සභා විසින් ගනු ඇති බව උප සභාපතිවරයා අවධාරණය කළා.    

(xanin.lk)