සිරිපාල - ලන්සා නව සන්ධානය ලබන මාසයේදී

May 15, 2024 - 5:08 PM
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා පාර්ශවය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම ලබන ජූනි මාසයේ නව සන්ධානයක් බිහි කිරීමට ඊයේ (14) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වූවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ යෝජිත සන්ධානය ලබන මාසයේ හම්බන්තොටදී මහ රැළියකින් ආරම්භ කරන බවයි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පැවසුවේ ජනාධිපතිවරණයට ඉදිරපත් වන අපේක්ෂකයා කවරෙකු වූවත් රට ගොඩනැගීම සඳහා පක්ෂ භේද නොතකා සියලු දෙන එකට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා නායකයන් කෙසේ වෙතත් බහුතර මන්ත්‍රීවරුන් කැමැත්ත පළ කර ඇති බවයි.  

(xanin.lk)