තැපැල් ඡන්දයට ඡන්ද දායකයන් ලක්ෂ හතක්

August 20, 2024 - 10:20 AM
ඉදිරි ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයන් ලක්ෂ 07කට අධික පිරිසක් සුදුසුකම් ලබා තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එයට ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්ද ඇතුළත් වන බවයි.    

2024 ජනාධිපතිවරණයේදී තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කිරීමට දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා සැප්තැම්බර් මස 04 වනදා නියම කර තිබෙනවා.

එමෙන්ම සෙසු රාජ්‍ය සේවකයන් සඳහා සැප්තැම්බර් මස 05 සහ 06 යන දිනයන්වල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දී ඇති බවත් එම දිනයන්වල තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයන් හට සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන් කර ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

(xanin.lk)