පක්ෂයෙන් ගිය හේතුව සරත් අමුණුගම හෙළි කරයි
May 30, 2024 - 10:19 AM
තමන්ගේ මුළු දේශපාලන ජීවිතයේම අන්තවාදීන් හා ජාතිවාදීන් සමඟ ගමනක් නොතිබූ බවත් එවැනි පිරිස් මව්බිම ජනතා පක්ෂය සමඟ එකතු වීම නිසා තමා එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් වූ බවත් හිටපු අමාත්‍ය සරත් අමුණුගම පවසනවා.
ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමයේ උදය ගම්මන්පිල සමඟ මව්බිම ජනතා පක්ෂය සන්ධානගත වීම තමා අනුමත නොකරන බවත් එම පිරිස් සමඟ එක් වූ අයට අත් වූ ඉරණමට උදාහරණ පවා ඇති බවයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ අන්තවාදය සහ ජනතාව ඇන්දවීම තමා කිසිසේත් අනුමත නොකරන බවයි.
(xanin.lk)