සජිත් විදුලි බිලට සහන ඉල්ලයි
May 22, 2024 - 11:22 AM
සියලු ජලාශ පිරී ජල විදුලි නිෂ්පාදනය වැඩි වී ඇති හෙයින් කඩිනමින් විදුලි බිලට සහනයක් ලබා දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් සිදු කළා.
ජල විදුලි නිෂ්පාදනය මැයි 20 වැනිදා වන විට 31% දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වන නිසාත්, බලාගාරවල ජල මට්ටම ඉහළ ගොස් ඇති නිසාත් විදුලිය නිෂ්පාදනය වැඩි වීමේ වාසිය ජනතාවට දෙන ලෙසයි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ විදුලි ඒකකයක මිල පහළ දැමීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට දැනුම්දී ඇතත් තවමත් එම යෝජනා ලැබී නොමැති බවයි.
(xanin.lk)