ඩලස් ප්‍රමුඛ කණ්ඩායම සජිත්ට එක් වෙයි

July 10, 2024 - 12:10 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් කියා සිටියේ සමගි ජන බලවේගය සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම නිදහස් ජනතා සභාව පුළුල් දේශපාලන බලවේගයකින් ජනාධිපතිවරණයට මුහුණ දෙන බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(xanin.lk)