ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් - මහින්ද

April 11, 2024 - 12:57 PM
රට රැක ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් පෙනී සිටීමටත් ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර දෙන්නටත් බැඳී සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ 2022 වසරේ අරගලය පැවති සමයේ ඩී. වීරසිංහ මහතාගේ අම්පාර පිහිටි නිවසට ගිනි තබා විනාශ වීමෙන් පසුව එම භූමියේම ඉදි කළ නව නිවසට ගෙවැදීමේ උත්සවයට එක් වෙමින්.

ඊයේ (10) පැවති එම උත්සවය සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්ව සිටියා.

(xanin.lk)