රට වෙනුවෙන් ඕනෑම පාර්ශවයක් සමඟ එකතු වෙනවා - බැසිල්

May 10, 2024 - 12:49 PM
රට වෙනුවෙන් ඕනෑම අයෙක් සමඟ එක් වීමටත් වෙන් වීමටත් තම පක්ෂය සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලය අද (10) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය කඩිනමින් ගන්නා බවයි. 

(xanin.lk)