පාලිතට පොහොට්ටුවෙන් සැර පිළිතුරක්

May 28, 2024 - 3:20 PM
ජනාධිපතිවරණය හා මහ මැතිවරණය කල් තැබිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර සිදු කළ ප්‍රකාශයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පිළිතුරු ලබා දී තිබෙනවා.

මැතිවරණ නොපැවැත්විය යුතු බවට පවසනවා නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හැඟීමක් නොමැති මෝඩයෙක් බවයි සාගර කාරියවසම් පවසන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී රටක නිසි වේලාවට මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෑම විටම මැතිවරණ පැවැත්විය යුතු බවට පෙනී සිටි පක්ෂක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
 
(xanin.lk)