සජබයට ගිය පොහොට්ටුවේ 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසයි

April 26, 2024 - 11:10 AM
සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් නිදහසට කරුණු විමසීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පක්ෂයේ විනය කමිටුව ලබා දුන් නිර්දේශ අනුව එම මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යැවීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි එම පක්ෂය සඳහන් කරන්නේ.

ඒ අනුව මහාචාර්ය ජී. එල් පීරිස් , ආචාර්ය නාලක ගොඩහේවා , ඩිලාන් පෙරේරා , වසන්ත යාපා බණ්ඩාර , වෛද්‍ය උපුල් ගලප්පත්ති සහ කේ. පී. එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් එලෙස කරුණු විමසීමට නියමිතයි.

පොදුජන පෙරමුණේ එම මන්ත්‍රීවරුන් 6 දෙනා පසුගිය 05 වැනිදා සමගි ජන බලවේගයේ නව සන්ධානය වන සමගි ජන සන්ධානය සමඟ ගිවිසුම්ගත වුණා.

(xanin.lk)