ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් තිලංගගේ රැස්වීම වර්ජනය කරයි
April 25, 2024 - 3:40 PM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන අර්බුද විසඳා ගැනීම සඳහා කැඳවූ රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශවය තීරණය කර තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සභාපති තිලංග සුමතිපාල විසින් අද (25) පස්වරු 3.00ට කොළඹ 10 පිහිටි එම සන්ධානයේ ප්‍රධාන කාර්යාලයේ දී එම රැස්වීම පැවැත්වෙන බව නිවේදනය කළා.
ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකවරුට ආරාධනා කර තිබෙනවා.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරය පිළිබඳව මැතිවරණ කොමිසමෙන් තිලංග සුමතිපාල හා මහින්ද අමරවීර යන දෙදෙනාම පිළි නොගන්නා බවට දන්වා ඇති පසුබිමක මෙම රැස්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් විසින් වර්ජනය කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා, ජාතික සංවිධායක දුමින්ද දිසානායක, ජේෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, භාණ්ඩාගාරික ලසන්න අලගියවන්න, උප ලේකම් ජගත් පුෂ්පකුමාර, උප සභාපති සුරේන් රාගවන්, ජේෂ්ඨ උප සභාපති අංගජන් රාමනාදන් යන කිසිවකු එම රැස්වීමට සහභාගි නොවන බවයි වාර්තා වන්නේ.
(xanin.lk)