තනතුරුවලින් ඉවත් කිරීම වළක්වමින් නිකුත් කළ වාරණය දීර්ඝ කෙරෙයි
May 08, 2024 - 4:20 PM
මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න යන අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් නිකුත් කළ වාරණ නියෝගය මේ මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (08) නියෝග කළා.
පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අවසර දෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වය ඉල්ලා සිට ඇති අතර ඒ අනුව අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව එම නඩුවමේ මස 15 වනදා නැවත කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළා.
කිසිදු සාධාරණ පරීක්ෂණයකින් තොරව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඇතුළු පිරිසක් තමන් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය නීතිවිරෝධී බවට තීන්දු කරන ලෙස ඉල්ලා ඔවුන් කොළඹ දිසා අධිකරණය හමුවේ එම නඩුව පවරා තිබෙනවා.
(xanin.lk)